@diamonddiva_4eva: #duet with @xx_acting_life_xx #makemetouroneandonly #fyp

A Diamond Effect
A Diamond Effect
Open In TikTok:
Region: US
Thursday 27 August 2020 08:50:34 GMT
139
7
0
0

Music

Download

Comments

There are no more comments for this video.
To see more videos from user @diamonddiva_4eva, please go to the Tikwm homepage.

Other Videos

📸 - Pixel4a5g 😃  කන්ද උඩරට ආධිපත්‍ය පතුරවනා ජර්මානූ වීරයා M6 🇩🇪 බටහිර ජර්මනියේ Thyssen-Henschel සමාගම මගින් 1979 වසරේදී නිපදවන ලද මෙම දුම්රියයෙහි එංජිම General Motors සමාගමේ EMD G22CW වර්ගයට අයත් වෙනවා. මෙරට දුම්රිය අංක කරනය තුල 783-798 දක්වා දුම්රිය එංජින් 16 ක් ,  1979 වසරේ දෙසැම්බර් මාසයේදී පමණ පලමු දුම්රියත් 1980 මැද භාගයේදී ඉතිරි දුම්රියනුත් පැමිණි බව සදහන් වනවා,  🔺M6 කාර්මික සටහන් කිහිපයක් පහතින් දැක්වේ..🔻 ▪️නිෂ්පාදිත රට - ජර්මනිය ▪️නිෂ්පාදිත සමාගම - Thyssen-Henschel ▪️නිෂ්පාදනය කල වර්ෂය - 1979/1980 ▪️ශ්‍රී ලංකාවට ගෙන්වූ වර්ෂය - 1979/1980 ▪️දුම්රිය එන්ජින් වර්ගය - V12 (Two Stroke) ▪️මාදිලිය - Diesel Electric  ▪️උපරිම බලය - 1650hp (1230kw) ▪️උපරිම වේගය - 90 kmph / 56 mph (නිශ්පාදිත දත්තයන්ට අනුව) ▪️Axel සැකසුම - A1A-A1A ▪️එන්ජිමේ මුළු බර - ටොන් 87 ▪️එංජිමේ දිග - අඩි 54 ▪️ගෙන්වූ මුලු එන්ජින් ගණන - 16 ශ්‍රී ලංකාවේ සිව්කොණ ජයගත්  දුම්රිය එංජිම ලෙස ආධිපත්‍ය පතුරවන්න හැකි සීමිත එංජින් කීපයතුලින පලමු තැන M6 පංතියට හිමිවනවා,  ආරම්භයේ මෙම පන්තිය එංජින් 16කින් සමන්විත වුවද M6 793 දරන දුම්රිය එන්ජිම 1986 මාර්තු මස 25 වෙනි දින මඩකලපුවේදී LTTE ත්‍රස්තවාදීන් විසින් එල්ලකළ ප්‍රහාරයකින්  විනාශයට පත්විය. එසේම M6 798 දරන දුම්රිය එන්ජිම 1996 වර්ෂයේ දෙසැම්බර් 4 වෙනි දින LTTE ත්‍රස්තවාදීන් විසින් ත්‍රිකුණාමලය චීනවරාය ආසන්නයේදී එල්ලකළ ප්‍රහාරයකින් විනාශයට පත්ව අපට අහිමිව ගියේය. එදා මෙදාතුර අප රටේ සිදුවූ බිහිසුණු දුම්රිය අනතුරු කීපයක් සඳහාද M6 පන්තියේ එංජින් වලට මුහුණ දීමට සිදුව ඇත.  🔹ඒ අනුව 1992 ජුනි මස 3 වෙනි දින වටවලදී  පස්කදු කඩා වැටීමෙන් සහ නායයාමෙන් M6 790 එංජිම  අනතුරකට ලක්විය.  🔹තවද M6 788 දුම්රිය එන්ජිම මහනුවර කොළඹ නගරාන්තර සිඝ්‍රගාමී දුම්රිය (දු.අ: 1030) සමග 2002 ජනවාරි 13 වන දින 15දෙනකුට ආසන්න පිරිසකට මරු කැඳවමින් තවත් විශාල පිරිසකට තුවාල සිදු කරමින් රඹුක්කනදී අනතුරකට ලක්විය. 🔹එදාමෙදාතුර බිහිසුණු දුම්රිය බස් අනතුරකට මුහුණ දෙන්නේද මෙම එංජින් ඛාණ්ඩයයි. ඒ 2005 අප්‍රේල් මස 27 වෙනි දින  පොල්ගහවෙල යාන්ගල්මෝදර දී සිදුවූ බස් සහ දුම්රිය ගැටුමයි. මෙයට මුහුණ දෙන්නේ M6 786 එංජිමයි. ශ්‍රී ලංකාවේ ප්‍රධානම හා නම් දරනා දුම්රිය ගමන්වාර සියල්ලම සදහා යොදවනු ලැබූ එංජිම ලෙසද M6 පන්තිය හැදින්විය හැක. ඒ අතරින් යාල් දේවි, උදය දේවි, උඩරට මැණිකේ, පොඩි මැණිකේ, ටිකිරි මැණිකේ, රජරට රැජින, මීනගයා මෙන්ම එංජින් ද්විත්වයක් මගින් ලංකාවේ ධාවනය වන ප්‍රධානම දුම්රිය වන බදුල්ල රාත්‍රී තැපැල් දුම්රිය සදහාද ප්‍රධාන දායකත්වය ලබා දෙන්නේ M6 පංතියයි.  නගරාන්තර දුම්රියන් අතර ප්‍රමුඛ දුම්රියන් වන උදෑසන මහනුවර නගරාන්තරය, දුම්රිය අංක1007/1008 බදුල්ල සීඝ්‍රගාමි දුම්රිය මෙන්ම දිවයිනපුරා ධාවනය වන ඉන්දන, භාණ්ඩ හා සේවා දුම්රියන් ආදීය සදහාද බොහෝදුරට යොදා ගැනෙන්නේ  M6 පංතියයි. වර්තමානයේ සංචාරක ආකර්ෂණය සඳහා ගමන් ගන්නා කැලිප්සෝ දුම්රියට යොදා ගන්නෙත් M6 පංතියයි. මෙහි නිල වර්ණය ලෙස රතු හා කොළ වර්ණ එක්කර කහ පැහැති රේඛාවක් යොදා සකසා ඇත. එමෙන්ම නගරාන්තර සිඝ්‍රගාමී දුම්රියන් සඳහා යොදනා රතු සහ තැඹිලි වර්ණ ගන්වා ඇති එකම දුම්රිය එංජින් ඛාණ්ඩය වන්නේද M6 පංතියයි. (785, 788, 797 එලෙස නගරාන්තර වර්ණ ගන්වා ඇත.) ආරම්භයේ මරදාන ඩීසල් විදුලි ධාවනාගාරය මගින් ධාවන  නඩත්තු (Running Repair) කටයුතු සිදුකරනු ලැබූ M6 පන්තියේ එංජින් 1999 වසරේ සිට මේ දක්වා වසර 20 ආසන්න කාලයක් අදාල නඩත්තු සිදුකරමින් සේවාව සපයන්නේ  දෙමටගොඩ ධාවනාගාරයේ කාර්යමණ්ඩලයයි. එමෙන්ම ධාවන නඩත්තු වලට අමතර කටයුතු රත්මලාන ප්‍රධාන ධාවන ඉංජිනේරු උප දෙපාර්තමේන්තුවේ ක.ශා 14 කාර්යමණ්ඩලය මගින් සිදුකරනු ලබයි. දුම්රිය ලෝලීන් මෙන්ම දුම්රියට ප්‍රියකරනා කාහටත් දුටුවිගසින් එකසේ ඇල්මක් ඇතිවන උඩරට දුම්රිය මාර්ගයේ දැකීමට බොහෝ දෙනා ප්‍රිය කරනා M6 පන්තියට වසර 45 කට එහා ගිය තවත් බොහෝකලක් කන්ද උඩරට අනසක පතුරවන්නට ශක්තිය ලැබේවා.  #train #railway #german #mobilephotography #trainengine #fyp #srilanka #photography #pixel4a5g #photooftheday #instalike #m6

About