@fallen126: මං කවදාවත් ඔයාව හැබැහින් හම්බෙලා දැකලා නෑ.මං ලොකු ආසාවක් තිබුනා ඔයාව හබවෙන්න ඔයා එක්ක කතා කරන්න ඔයාව පපුවට තුරුලු කරගෙන ඉන්න..ඒක මගෙ හිතේ තිබුනු ලොකු ආසාවක්..ඔයාට ඒක කියනකොට ඔයා කිව්වෙ කවද හරි ඒක වෙයි කියලා.ගොඩක් මිනිස්සු වගේ කැලෙන්ඩරේවත් නැති ඒ කවද හරි දවස එනකම් මං ගොඩක් බලන් හිටියා.ඒත් මං දැන් දන්නවා ඒ කවද හරි දවස කවදාවත් එන්නෙ නෑ කියලා.කවදාවත්ම නෑ..ඔයා එදා කවද හරි දවසක ඒක වෙයි කිව්වෙ ඔයාගෙ හිතේ ඇත්තටම එහෙම ආසාවක් තිබ්බ නිසාද නැත්තන් මගෙ හිත හදන්නද කියල මම දන්නෙ නෑ.මං දන්නවා ඔයා ඉන්න තත්වයත් එක්ක ඔයාට එහෙම හිතුනු හිතුනු වෙලාවට කොහෙවත් යන්න කාවවත් හම්බෙන්න බෑ කියලා.ඒක ඔයාට ප්‍රශ්නයක් වෙන්න පුලුවන් ඒකත් මම දන්නවා.ඒත් මං හරි ආසාවෙන් හිටියේ ඔයාව මුනගැහෙන්න.ඔයා ඉස්සර හරි ආසයි මම ඔයාට මැනික කියල කතා කරනවට.ඔයාමයි මට එහෙම කතා කරන්න කියල කිව්වෙ.මාත් හරි ආසයි ඔයා මට මැනික කියල කතා කරනවට.ඔයා ඉස්සර කියනවා මං වෙන කාට හරි මැනික කිව්විත් ඔයා ආයෙ නෑ කියල.මං පොරොන්දු උනා වගේම මං ආයෙ වෙන කාටවත් ඒ වචනෙ කියන්නෙ නැතිවෙයි.මොකද ඒ වචනෙ අයිති ඔයාට ඒ වචනෙ ඇතුලෙ ඔයා හැමදාම ඉදියි.ඒත් ඒ හැමදෙයක්ම දැන් ඉවරයි.ඔයා ගොඩක් වෙනස් වෙලා..ඔයාට මගෙන් ඈත්වෙන්න ඕන වෙලා.තවමත් මම දන්නෙ නෑ ඇයි ඔයා වෙනස් උනේ කියලවත් මගෙන් ඈත්වුනේ කියලවත්..ඒත් ඔයාට ඕන ඈත්වෙන්න නම් මම ඔයාව නවත්තන්නෙ නෑ.මොකද මට ඕන ආදරය මිසක් ඔයාගෙ අනුකම්පාව නෙමේ.ඉතිං ලස්සන ලමයෝ කොහෙ හිටියත් කාත් එක්ක හිටියත් පරිස්සමින් සතුටින් ඉන්න ලැබෙන්න කියලා මුලු හදවතින්ම මම ප්‍රාර්තනා කරනවා..ජීවිත කාලෙම ඉස්සර මතක මාත් එක්ක තියේවි.ඉතිං හමුනොවී වෙන්වුනු මගෙ මැනිකට ඉස්සර වගේම තාමත් මං හරි ආදරෙයි..❤🌹
F A L L E N
Region: LK
Saturday 28 June 2025 04:33:22 GMT
Music
Download
Comments
සිතැත්ති 🦋 :
අනේ 😞
2025-07-20 17:07:12
2
Sanda__❤︎︎ :
එයාට ඔය ටික වචෙනෙන් නොකිව්වට හිතින් කියලා සමුදුන්නා 🙂♥️
2025-06-29 02:30:35
23
𝓜𝓪.....🦋🧚♂️❤️🩹 :
කැප්ශන් එක එවන්න පුලුවන්ද 🙏, මේ මගේ කතාවමයි 🥀
2025-06-28 14:41:17
1
lochanamaduranga1 :
මටත් ඔය ටිකමයි උනේ
2025-07-19 23:24:45
1
𝐷ϵຣɦ𝕦 _🦢 :
එයාට මාව ඕන වෙන හැම වෙලාවකම මං එයාගෙ ලග හිටියා ..පාන්දරද මහ දවාලද නැතුව මං කැපකරා මගෙ මුලු කාලෙම .. මං හිතන්නෙ දැන් එයාට ඕන නිදහස .. ♥️
2025-06-29 03:45:59
8
user5587753758782 :
ow
2025-07-15 00:46:24
1
@S.A.S 💫 :
ඔහොම අත ඇරිය දැන් ටික කාලෙකට කලින් ..එයා දැන් එයාගේ ලෝකේ ..මන් මගෙ ලෝකේ 😌
2025-06-29 14:56:40
5
shifanaa_🕊️"🤍 :
දරාගන්න අමාරැ හැඟීම්! 💔
2025-07-07 08:15:04
2
Sandun Krishantha :
ඕනවට වඩා හොයල බලනකොටත් මිනිස්සුන්ට අපිව එපා වෙනවා ❤️🩹
2025-07-13 09:14:23
1
poojani🇯🇵 :
ම්ම්ම්ම්ම් සත්තකින්ම...😊❤️🩹
2025-06-28 12:26:45
7
[ CHATHU ] °®️🔐📍 :
ඒ වචන ටික 🥺🥺
2025-07-18 23:11:54
1
harshi :
මගේ කතාවමයී..කොහේහරි තැනක ලස්සනට සතුටින් ඔයා ඉන්න ඕනී කවදාවත් ඇස් වලට දැකලවත් නැති ඔයා..🥺❤
2025-07-09 13:35:39
1
Dilnethu 💞😍🥰😘 :
නමක් නැති බැදීම් වල ආදරේ උතුරන්න තිබුන...ඒත් එයාට එහෙම ඉන්න බැරිවුනා...එයා සාදාරනයී...කමක් නෑහ්...මන් ආදරෙයි ...🥺🙏💔😭❤️
2025-07-08 04:00:42
2
Sanjali :
අවසානයේ නුබ හොදින්ද කියා ඇසීමට තරම් සිතුනද,, මා ගොලු වි,,, එතරම් අපි ආගන්තුක වී තිබුනි 💔
2025-07-05 16:08:50
2
Nelin@99 :
ඒ කතාවේ අවසාන වචන පෙළ.😔💔🥀
2025-07-07 15:10:01
2
𝕄ℝꔷ 𝐌𝐀𝐃𝐔𝐖𝐀 Ξ 💗✍️ :
මටත් කැප්ශන් එක එවන්නකෝ...😫🥹
2025-07-12 21:42:13
1
rosi :
attatama දුකයි හමු නොවී ආදරේ krala වෙන් වෙන එක හිතට දැනෙන e වේදනාව as වලින් වැටෙන කදුළු hmmmm 😔😔😔😔🥹🥹🥹🥹🥹🥹🥹
2025-07-02 09:07:36
1
Eranga Dilshan :
අවසානයේ නිහඬවම සමුදෙන්න තීරනය කරා🥀
2025-07-02 18:16:36
1
sanath 🇮🇱🇮🇱 :
සත්තකින්ම😌
2025-06-28 09:01:40
1
rashshashi93 :
හ්ම්ම්...
2025-07-06 05:35:43
1
tharushfernando :
I miss you ❤️
2025-06-30 17:04:53
1
ESPRESSO 🇮🇪🇮🇪🇮🇪 :
යන්න ඔනේ කිවා යන්න දුන්නා එයත් සතුටින් මත් (අ)සතුටින් ☺️
2025-06-28 15:21:31
1
에란드 🐰 :
ඇයි ඉස්සර වගෙ කතා කරාම එයා ගැන ආදරයක් දැනෙන්නැත්තෙ🥺💔
2025-06-30 11:41:12
4
Sachin Kawshalya483 :
මටත් මේ දෙම එයාට කියන්න වෙනවා
2025-06-29 05:43:09
2
To see more videos from user @fallen126, please go to the Tikwm
homepage.