@witchycottagesl: ඔයාලට මතක ද, පුංචි කාලෙ සත්තු ජීවත්වෙන විදිහ හිතේ මැවිලා තිබුණෙ කොහොමද කියල? (ඇත්තටම තාමත් එහෙමයි මැවෙන්නෙ). හාවො, ලේන්නු, මින්ක් මුගටි, වගේ අය, පොළව යට ගුල්වල, ගස් බෙනවල, ගුහාවල, තමයි එයාලගෙ සුවපහසු ගෙවල් හදාගෙන තිබුණෙ. එයාලා ඒවා ඇතුලෙ හරිම උණුසුම්, ප්‍රීතිමත් ජීවිතයක් ගතකරන හැටි මම හිතේ ඇඳගත්තා... පොළව යට හාරපු ගුලක, අම්මයි, තාත්තයි, පැටවු තුන්දෙනයි ඉන්න හාවො පවුලක් ආදරෙන් ජීවත්වුණා. හා අම්මා උදේ කෑමට කැරට්වලින් රස කෑම හදනවා. කෑම ලැබෙනකන්, බඩගිනි පැටවු තුන්දෙනා මේසෙට වෙලා බලාගෙන ඉන්නවා. ඒ අතරෙ උදේ පත්තරේ කියවන එක තමයි තාත්තගෙ පුරුද්ද. මී පවුලෙ හිටියෙ හුරුබුහුටි අම්මයි තාත්තයි පුංචි පුතයි. ලොකු ගෙදරක් ඇතුළෙ තමයි එයාලගෙ ගුල හදලා තිබුණෙ. මිනිස්සු ඉන්න නිසා වැඩිය එළියට යන්න බෑ. මී තාත්තා හොඳට වඩු වැඩ දන්න නිසා, පුතාට සෙල්ලම් කරන්න ලීවලින් සෙල්ලම් බඩු හදලා දුන්නා. අම්මගෙ විනෝදාංශෙ වුණේ එළියෙන් හොයාගන්න නූල්වලින් ඇඳුම් ගොතන එක. පොකුණක් ළඟ, ලී කෝටු ගොඩක් යට තමයි ගෙඹි පවුල නිදහසේ ජීවත්වුණේ. සීතලේ, වතුරට වෙලා ඉන්න ආසා නිසා පවුලම නිතරම නෙළුම් කොළ යට පික්නික් යනවා. පොකුණ ඉවුරෙ තේ පාටිත් දානවා. ගෙඹි අම්මයි, තාත්තයි, පැටවු තුන් දෙනයි හරිම විනෝදයෙන් ජීවත්වුණා. ගල් ගුහාවක ජීවත්වුණු, තරබාරු දුඹුරු වලස් පවුලෙ හිටියෙ පුංචි නිවුන් බබාලා දෙන්නෙක්. වලස් අම්මා තමයි වැඩිපුරම බබාලා එක්ක ඉන්නෙ. තාත්තා වැඩ ඉවරවෙලා එනකොට රෑ වෙනවා. බබාලට රෑට මීපැණි කන්න දීලා, නින්ද යනකන් අම්මා එයාලව ළං කරගෙන කතන්දර කියල දෙනවා. ගස් බෙනයක තිබුණු ලේන් ගෙදර හරිම හුරුබුහුටියි. ලේන් තාත්තා හැම උදේම වැඩට ගියාට පස්සෙ, අම්මයි, පුංචි දුවයි එකතුවෙලා රස කෑම ගොඩක් හදනවා. චෙස්ට්නට්වලින් හදන කේක් තමයි එයාලගෙ ප්‍රියතම කෑම. කුරුළු පවුලෙ ලස්සන කූඩුව තිබුණෙ උසම උස ගහක. එහෙ පුංචි කුරුළු පැටවු හතර දෙනෙක්ම හිටියා. එයාලා බිත්තරෙන් ආපු අලුත නිසා අම්මයි තාත්තයි දෙන්නම එකතුවෙලා ගොඩක් මහන්සියෙන් වැඩකරා. රෑට පැටවු හතර දෙනාවම, සිනිඳු බ්ලැන්කට්වල ඔතලා, නලවලා නිදි කෙරෙව්වා. ඇත්තටම එයලා ජීවත්වුණු ඒ ලෝකෙ පුදුමාකාර විදිහට ලස්සනයි... #witchycottage #nostalgiacore #dreamy
Witchy Cottage | විචී කොටේජ්
Region: LK
Wednesday 19 November 2025 13:58:30 GMT
Music
Download
Comments
Irosha Prabha :
සත්තු ඇත්තටම ගුල් ඇතුලේ එහෙම ජීවත් වෙනවා ඇති කියලා ඉස්සර හිතුවේ😁
2025-11-20 15:12:15
2
Kam Warna :
ඔයලගේ පුංචි කාලේ වගේම මගෙත් ඈතට ගිය පුංචි කාලේ ඔය කැරැක්ටර්ස් සේරම කියවලා තියෙනවා
2025-11-20 13:21:47
1
WATHSARA_ QUOTES :
පැන්චගේ ගෙදර වගෙ ගේකට ආස පුන්චි මම
2025-11-21 14:48:59
2
🥺 Nethmi 💗 :
දැන් කියලත් වෙනසක් නැ ☺️❤️🩹
2025-11-20 11:37:03
9
🎃†hårµ :
ඒ කාලෙ පොතක දැක්ක රූපෙකට ආස හිතිලා ලොකු වෙලා ගහක් ඇතුලෙ ලස්සන ගේක ඉන්න හැටිත් මවා ගත්තා 🥺
2025-11-19 17:44:39
4
🔥RANASINHA🔥 :
ඒ කාලේ නෙවෙයි දැනටත් හිතෙනවා 😃😃😃😃😃😃
2025-11-20 14:09:44
4
නිසල අහස ❤️ :
අනේ ඔව් මොනතරම් සුරංගනා ලෝකෙකද ජීවත් වුනේ❤️❤️❤️
2025-11-21 04:22:28
3
Aashi peaches 💫 :
aneh🥰
2025-11-20 13:08:54
2
Githmi Dabare :
Omg 😳🥹
2025-11-20 08:12:26
2
nimkuruppu :
❤️❤️❤️
2025-11-21 00:46:13
2
Yuthika Shiromi :
❤❤❤
2025-11-20 14:49:44
1
ANUKSHA SEWWANDI ❤🖇️ :
❤️❤️❤️❤️
2025-11-19 15:04:55
1
s :
💕💕💕💕💕🥰🥰🥰
2025-11-20 15:17:54
1
𝒟𝒽𝒶𝓃𝒶𝓃ℊ𝒶 𝒢ℯℯ𝓉𝒽𝓂𝒾🦋 :
❤❤❤
2025-11-20 17:02:20
1
kavi batagoda :
❤
2025-11-20 07:33:52
1
Girls Heaven :
🥰🥰🥰
2025-11-21 03:40:42
1
RH :
😭❤️
2025-11-21 06:54:40
1
Himali82 :
🥰🥰
2025-11-20 09:30:35
1
Nishu_Alwis_11.11 :
🥰🥰🥰
2025-11-20 02:37:17
1
dilru :
🥰🥰🥰🥰
2025-11-20 10:14:44
1
DARK world4 :
🥰
2025-11-20 11:43:26
1
champika :
🥰🥰🥰
2025-11-20 08:37:12
1
Blue Bliss Enterprises(Pvt)Ltd :
🦋🦋🦋
2025-11-20 05:38:36
1
♡ T H A R U ♡ ✨ :
🥹🥹🥹🥹
2025-11-19 14:56:41
1
To see more videos from user @witchycottagesl, please go to the Tikwm
homepage.